1.The Opening

  1. අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්
  2. සියලූම ප්‍රශංසා අල්ලාහ්ටය (ඔහු) සකල ලෝකයම නිර්මාණය කර, සංවර්ධනය කර, සංරක්ෂණය කර, පරිපෝෂණය කර, පරිපාලනය කරන්නාවූද
  3. අපරිමිත අනුකම්පාවද, අසමසම දයාවද
  4. විනිශ්චය දින අධිපති(ද වන්නේය)
  5. (අනුකම්පාවද දයාවද පිරි අප දෙවියනේ) ඔබවම අප නමදින්නෙමු. ඔබගෙන්ම අප පිහිට පතන්නෙමු
  6. ඔබ අපට ඍජු මාර්ගය පෙන්වා දෙනු මැනව
  7. ඔබගේ අනුකම්පාව හා දයාව කා හට පහළ කළේද, ඔවුන්ගේ මාර්ගයෙහි (යාමට සලස්වනු මැනව) (එය ඔබගේ) කෝපයට පාත්‍ර වූ මාර්ගයෙහිද නොව, අයහමග වූවන්ගේ මාර්ගයෙහිද නොව