29.The Spider
- අලිෆ්. ලාම්. මීම්
- “අපි විශ්වාස කළෙමු” යයි කීවහොත් (පමණක් ප්‍රමාණවත්ය. ඒ ගැන) ඔවුන්ව පිරික්සුමට ලක් නොකර අත්හැර දමනු ලබන්නාහ යයි මිනිසුන් අදහස් කරමින් සිටින්නෙහුද
- මොවුන්ට පෙර විසූවන් සියල්ලන්ම නියත වශයෙන්ම අපි පිරික්සුමට ලක් කර ඇත්තෙමු. එබැවින් (‘විශ්වාස කළෙමු’ යයි පවසන මොවුන්ගෙන්) සත්‍යය කතා කරන්නන් කවුරුන්ද යන්න නියත වශයෙන්ම අල්ලාහ් (පරීක්ෂා කර) දැන ගන්නේය. (ඒ ආකාරයටම මෙහි බොරුකාරයින්වද නියත වශයෙන්ම ඔහු (පරීක්ෂා කර) දැන ගන්නේය
- පාපයන් කරන්නන් අපගෙන් බේරෙන්නෙහු යයි අදහස් කරමින් සිටින්නෙහුද? (එසේ නම් මේ ගැන) ඔවුන්ගේ තීරණය ඉතාමත් නපුරුය
- අල්ලාහ්ව හමු වන්නෙමු යයි කවුරුන් විශ්වාස කරන්නෝද, ඔවුන් (එයට අවශ්‍ය කාරණාවන් කර ගැනීම අත්‍යාවශ්‍යය. මන්දයත් ඒ වෙනුවෙන් ඇති කරනු ලැබූ) අල්ලාහ්ගේ නියමිත වාරය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. ඔහු (සියල්ලට) සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය
- (අල්ලාහ්ගේ මාර්ගයෙහි) කවුරුන් හෝ ප්‍රයත්න දැරුවහොත් නියත වශයෙන්ම ඔහු තම පෞද්ගලික වාසිය තකාම ප්‍රයත්න දරන්නේය. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් (තම) උත්පාදනයන්ගෙන් (උදව් උපකාර) අනවශ්‍ය කෙනෙකු වශයෙන් සිටින්නේය
- එබැවින් කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් නියත වශයෙන්ම පහ කර, ඔවුන් කළ දැහැමි දැයට (ඒවාටත් වඩා) ඉතාමත් අලංකාරවත් ඵලවිපාක නියත වශයෙන්ම අපි ඔවුන්ට ලබා දෙන්නෙමු
- දෙමව්පියන්ට යහපතක් කරන මෙන් අපි මිනිසාට හොඳ ඔවදන් දී ඇත්තෙමු. (එහෙත් දෙවියන් යනුවෙන්) ඔබ නොදන්නා (කිසිම සාධකයක් නොමැති) දැය මා හට සමානයන් වශයෙන් තබන මෙන් (මිනිසුනේ!) ඔවුන් ඔබව බල කළහොත් (එම කාරණාවෙහි) ඔබ ඒ දෙදෙනාටම අවනත නොවනු! මා වෙතම ඔබ ආපසු පැමිණිය යුතුව ඇත්තේය. ඔබ කරමින් සිටි දැය ගැන, ඒ අතර මා ඔබට දැනුම් දෙන්නෙමි
- කවුරුන් විශ්වාස කර දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අපි හොඳ අය සමග එක්කාසු කර හරින්නෙමු
- මිනිසුන්ගෙන් සමහරෙක් සිටින්නාහ; ඔවුන් “අපි අල්ලාහ්ව විශ්වාස කරන්නෙමු” යයි පවසන්නාහ. එහෙත් ඔවුන්ට අල්ලාහ්ගේ මාර්ගයෙහි යම්කිසි දුක් ගැහැට ඇති වුවහොත් ජනතාවගෙන් ඇති වන (එම) දුක් ගැහැට අල්ලාහ්ගේ දඬුවම මෙන් (ඉතාමත් ලොකු දැයක් බවට) පත් කර, (ඔබගෙන් ඈත් වී) යාමට (කැමති) වන්නාහ. ඔබගේ දෙවියන්ගෙන් (ඔබට) කුමක් හෝ උදව්වක් ලැඛෙන විට, “නියත වශයෙන්ම අපි ඔබ සමගම සිටියෙමු” යයි පවසන්නාහ. ලෝකවාසීන්ගේ හෘදයන්හි ඇති දැය අල්ලාහ් හොඳින් දන්නෙකු නොවෙද
- (එබැවින් මොවුන්ගෙන් ඇත්තෙන්ම) විශ්වාසය තැබූවන්ව නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නේය. තවද (ඇතුලතින් එකක් තබාගෙන පිටතින් එකක් කතා කරන) වංචනිකයින්වද නියත වශයෙන්ම ඔහු හොඳින් දන්නේය
- ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් (බොහොමයක් දෙනා) විශ්වාසවන්තයින් “ඔබ අපගේ මාර්ගය අනුගමනය කරනු. (එමගින් යම්කිසි වැරැද්දක් සිදු වුවහොත්) ඔබගේ වැරදි අපි උසුලා ගන්නෙමු” යයි පවසන්නාහ. එහෙත් ඔවුන්ගේ වැරදි වලින් පවා කිසිවක් ඔවුන්ට උසුලා ගත නොහැක. (එසේ තිබියදී ඔබගේ වැරදි ඔවුන් කෙසේ නම්, උසුලා ගන්නට යන්නෙහුද! එබැවින් මෙසේ පවසන) ඔවුන් නියත වශයෙන්ම බොරුකාරයින්ය!”
- එහෙත් ඔවුන් තමන්ගේ (පාප) බරත් සමග, (තමන් අනුන්ව මාර්ගය වැරද යාමට සැලැස්වීමේ පාපයන්ගේ) බරද, (මාර්ගය වැරද ගිය) ඔවුන්ගේ පාපයන්ගේ බරද, නියත වශයෙන්ම උසුලන්නාහ. තවද ඔවුන් (මෙසේ) බොරුවට මනක්කල්පිත කර, පවසමින් සිටීම ගැනද, නියත වශයෙන්ම (ඔවුන් වෙත) විනිශ්චය දිනදී විමසනු ලැබේ
- නූහ් (නබිව අපගේ) දූතයා වශයෙන් ඔවුන්ගේ ජනතාව වෙත අපි යැව්වෙමු. ඔහු වසර දහසකට පණහක් අඩුවෙන් ඔවුන් අතරේ රැඳී සිටියේය. (මෙතරම් කාලයක් ජීවත් වුවද, ඔහුව ඔහුගේ ජනතාවගෙන් සමහරෙකු හැර, වැඩි දෙනෙකු විශ්වාස කළේ නැත. මෙසේ) ඔවුන් අපරාධකාරයින් වශයෙන් සිටි බැවින් මහා ජල ගැල්ම ඔවුන්ව අල්ලා ගත්තේය
- එහෙත් ඔහුවද, (ඔහුගේ) නැවේ සහායයන්වද, අපි බේරාගෙන මෙය, (මෙම සිද්ධිය) ලෝකවාසීන්ට අපි එක් පාඩමක් බවට පත් කළෙමු
- ඉබ්රාහීම්වද (අපගේ දූතයා වශයෙන් ඔහුගේ ජනතාව වෙත යැවූ අවස්ථාවේදී) ඔහු තමන්ගේ ජනතාවට “ඔබ අල්ලාහ්වම නැමද, ඔහුටම ඔබ බිය වනු. ඔබ දැන සිටින්නෙහු නම් මෙයම ඔබට අගනේය (යන්න දැන ගන්නෙහුය)” යයි පැවසුවේය
- (තවද) “අල්ලාහ්ව මිස, ඔබ නමදින පිළිරූ සියල්ල ඔබ බොරුවට මනක්කල්පිත කර ගත් දැයයි. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් හැර, ඔබ නමදින මේවා ඔබට ආහාර ලබා දීමට පොඩියක් හෝ ශක්තියක් නැති දැයයි. එබැවින් (ඔබට අවශ්‍ය) ආහාර අල්ලාහ්ගෙන්ම ඉල්ලා, ඔහු (එක් කෙනෙකු)වම නැමද ඔහුට කෘතඥ වී සිටිනු. ඔහු වෙතම ඔබව ගෙන එනු ලබන්නෙහුය”
- “ඔබ (මාව) බොරු කළහොත් (ඒ ගැන මට දුකක් නැත). මන්දයත් ඔබට පෙර විසූ සමූහයන්ද (තමන් වෙත පැමිණි දූතයින්ව මේ අන්දමටම) බොරු කර ඇත්තාහ. නමුත් ඔහු (අපගේ දූත මෙහෙවර) ප්‍රසිද්ධියේ ගෙනහැර දැක්වීම මිස, (ඔවුන්ට බල කිරීම එම) දූතයා කෙරෙහි අනිවාර්යය නැත” (යයි පැවසුවේය)
- (කිසිවක් වශයෙන් නොතිබුණු) උත්පාදනයන් අල්ලාහ් කෙසේ ආරම්භයේදී ඉකුත් කළේද යන්න ඔවුන් බැලූවේ නැද්ද? (එසේම මරණයට පත් වූ) පසුද ඒවා නැවත පුනරුත්ථානය කරන්නේය. නියත වශයෙන්ම මෙය, (මෙසේ කිරීම) අල්ලාහ්ට ඉතාමත් පහසු කාර්යකි
- (නබියේ!) ඔබ මෙසේ පවසනු: “භූමියෙහි ඔබ සංචාරය කර, (ආරම්භයේදී) උත්පාදනයන් කෙසේ නිර්මාණය කරන්නේද යන්න බලනු. (එසේම මරණයට පත් වූ) පසුද අල්ලාහ් (විනිශ්චය දිනදී) නැවත වරක් උත්පාදනය කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකි
- “ඔහු අදහස් කරන අයට දඬුවම් කරන්නේය. ඔහු අදහස් කරන අයට කරුණාව දක්වන්නේය. ඔහු වෙතම ඔබ ආපසු හරවනු ලබන්නෙහුය”
- “(ඔහු ඔබට දඬුවම් කිරීමට කැමති වුවහොත්) අහස්හි හෝ භූමියෙහි හෝ ඔබ (සැඟවී සිට ඔහුව) පරාජය කර දැමිය නොහැකිය. අල්ලාහ් හැර, ඔබට කිසිම ආරක්ෂකයෙකුද නැත. උදව් කරන්නෙකුද නැත”
- කවුරුන් අල්ලාහ්ගේ ආයාවන්ද ඔහුව හමු වීමද, ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් මගේ කරුණාව ගැන වූ විශ්වාසය බිඳී යන්නේය. මෙවැන්නන්ට නියත වශයෙන්ම වේදනා ගෙන දෙන දඬුවම් ඇත
- (ඉබ්රාහීම් නබි තමන්ගේ ජනතාවට දේශනා කළ අවස්ථාවේදී) “මොහුව කපා දමනු. නැතහොත් (ගින්නෙහි) වීසි කර දමනු” යයි පැවසීමම ඔහුගේ ජනතාවගේ (එකම) පිළිතුර විය. (පසුව ඉබ්රාහීම්ව ගින්නෙහි වීසි කළහ). එබැවින් (එම) ගින්නෙන් අල්ලාහ් ඔහුව බේරා ගත්තේය. විශ්වාසය තැබූ ජනතාවට නියත වශයෙන්ම මෙහි සාධකයන් (බොහොමයක්) ඇත
- (නැවතත් ඉබ්රාහීම් ඔවුන්ට) “ඔබ අල්ලාහ් හැර, (මෙම) පිළිරූ දෙවිවරුන් වශයෙන් ගැනීමට හේතු වන්නේ, මෙලොව ජීවිතයේ ඔබ අතරේ (කෙනෙකුට අනිත් කෙනා සමග) ඇති මනාපයයි. පසුව විනිශ්චය දිනදී නම්, ඔබගෙන් සමහරෙක්, සමහරෙකුව ප්‍රතික්ෂේප කර දමා ඔබගෙන් සමහරෙක් සමහරෙකුව (නින්දා කර) ශාප කරන්නාහ. (අවසානයේදී) ඔබ (සියල්ලන්ම) රැඳී සිටින ස්ථානය (නිරා) ගින්නයි. (එහිදී) ඔබට උදව් කරන්නන් කිසිවෙකුත් නොසිටිනු ඇත” යයි පැවසුවේය
- (ඉබ්රාහීම් මෙතරම් දුරට පැවසුවද) ලුත් (නබි පමණක්ම) ඔහුව විශ්වාස කළහ. (එබැවින් ඉබ්රාහීම් ඔහුට) “නියත වශයෙන්ම මා මගේ දෙවියන්ගේ බලාපොරොත්තුවෙන් (මගේ මෙම රට අත්හැර දමා) යන්නෙමි. නියත වශයෙන්ම ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය” යයි පැවසුවේය
- එබැවින් ඔහුට ඉස්හාක්වද, යාකූබ්වද (දරුවන් වශයෙන්) ලබා දී ඔහුගේ පරම්පරාවේ දරුවන්ටම නබිත්වයද, ධර්මයද පහළ කර, ඔහුට ඔහුගේ ඵලවිපාක මෙලොවදීද දුන්නෙමු. පරලොවදී නම්, නියත වශයෙන්ම ඔහු හොඳ අයගෙන්ම සිටිනු ඇත
- ලුත්වද (අපි අපගේ දූතයා වශයෙන් ඔහුගේ ජනතාව වෙත යැව්වෙමු). ඔහු තම ජනතාවට “ඔබට පෙර ලොවෙහි (මිනිසුන්ගෙන්) කිසිවෙකුත් නොකළ දීනවූ (කාරණාවක්) නියත වශයෙන්ම ඔබ කරන්නෙහුය”
- “කිමෙක්ද! ඔබ (කාන්තාවන්ව අත්හැර) පිරිමින් වෙත (කාමාශාවෙන්) පැමිණෙන්නෙහුය. (සංචාරකයින්ව) මහ මග හරස් කර (මංකොල්ල) කන්නෙහුය. (ජනයාගෙන් පිරි) ඔබගේ සාභාවන්හිද (ප්‍රසිද්ධියේම ඉතාමත්) පිළිකුල් සහගත (මෙම) කාරණාව කරන්නෙහු නොවෙද!”යි පැවසුවේය. එයට “ (ඇත්තෙන්ම) ඔබ ඇත්ත කියන්නෙකු වශයෙන් සිටින්නෙහි නම්, අල්ලාහ්ගේ දඬුවම අප වෙත ගෙන එනු” යන්නම ඔහුගේ ජනතාවගේ පිළිතුර විය
- එයට ඔහු “මගේ දෙවියනේ! නපුර කරන මෙම ජනතාවට එරෙහිව ඔබ මා හට උදව් කරනු (මැනව!)” යයි ප්‍රාර්ථනා කළේය
- (ඔහුගේ ප්‍රාර්ථනාවට අනුව එම ජනයාව විනාශ කර දැමීමට පැමිණි මලායිකාවරුන් වන) අපගේ දූතයින් ඉබ්රාහීම්ට ශුභාරංචි දීමට ඔහු වෙත පැමිණි අවස්ථාවේදී (ඔහුට “ලුත්ගේ) මෙම රටවැසියන්ව නියත වශයෙන්ම අපි විනාශ කර දමන්නෙමු. මන්දයත් නියත වශයෙන්ම මෙම රටවැසියන් (පාපයන් කිරීමෙහි) සීමාව ඉක්මවා ගියහ” යයි පැවසූහ
- එයට ඔහු “නියත වශයෙන්ම එහි ලුත්ද සිටිනවා නොවෙද!”යි පැවසුවේය. එයට ඔවුන් “එහි සිටින අය කවුරුන්දැයි යන්න අපි හොඳින් දනිමු. ඔහුවද, ඔහුගේ බිරිඳ හැර, ඔහුගේ පවුලේ උදවියද නියත වශයෙන්ම අපි බේරා ගන්නෙමු. (ඇය එම රටවැසියන් සමග) නැවතී (ඔවුන් සමග ඇයද විනාශ වී) යනු ඇත” යයි පැවසූහ
- පසුව අපගේ (එම) දූතයින් ලුත් (නබි) වෙත පැමිණි අවස්ථාවේදී (එම රටවැසියන් නපුරු අදහස් ඇතිව ඔවුන්ව එළවාගෙන පැමිණියහ. එවිට) ඔහු (එම මලායිකාවරුන්ව බේරා ගැනීමට) තම අතින් කිසිවක් කර කියා ගත නොහැකිව ඔවුන් වෙනුවෙන් දුක් වූවේය. එයට ඔවුන් (ඔහුට) “ඔබ බිය වන්නට එපා. දුක් වන්නටද එපා. (අපි මෙම රටවැසියන්ව විනාශ කර දැමීමට ඔබගේ දෙවියන් විසින් යවන ලද මලායිකාවරුන් වන්නෙමු). නියත වශයෙන්ම අපි ඔබවද, ඔබගේ භාර්යයාව හැර, ඔබගේ පවුලේ උදවියද බේරා ගන්නෙමු. ඇය (ඔබ සමග නෑවිත් මෙම රටවැසියන් සමග) නැවතී (විනාශ වී) යන්නීය” යයි පැවසූහ
- “(තවද) මෙම රටවැසියන් කරමින් සිටින පාපයන්හි හේතුවෙන් නියත වශයෙන්ම අපි මොවුන් මත අහසින් දඬුවම පහළ කරන්නන් වශයෙන් සිටින්නෙමු” (යයිද පැවසූහ)
- (පසුව මලායිකාවරුන් පැවසූ අන්දමට ඔවුන් මත දඬුවම පහළ වී ඔවුන් සියල්ලන්ම විනාශ වී ගියහ). නියත වශයෙන්ම අපි බුද්ධිමත් ජනතාවට පැහැදිලි වූ (එම) සාධකය (අද දක්වා) ඔවුන් සිටි රටෙහි අත්හැර දමා ඇත්තෙමු
- මදියන්වාසීන්ට ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ්ව (අපි අපගේ දූතයා වශයෙන් යැව්වෙමු. ඔහු ඔවුන්ට “මගේ) ජනතාවෙනි! ඔබ අල්ලාහ්වම නමදිනු. අවසාන දිනය බලාපොරොත්තුවෙන් සිටිනු. භූමියෙහි නපුර කරමින් සැරි සැරීමෙන් වැළකී සිටිනු” යයි පැවසුවේය
- එහෙත් ඔවුන් ඔහුව බොරුකාරයා කළහ. එබැවින් ඔවුන්ව භූමිකම්පාව අල්ලා ගත්තේය. ඔවුන් තමන්ගේ නිවෙස්වල (මුණින් අතට) වැටී මැරී සිටි අවස්ථාවේදී (හිරු) උදා විය
- තවද (මේ අන්දමටම) අද්, සමූද් (සමූහයින්වද අපි විනාශ කර දැමුවෙමු). ඔවුන් ජීවත්ව සිටි ස්ථානයන්හි (ඇති සළකුණු)වලින් (ඔවුන් අත් කර ගත් අවසානය) ඔබට හොඳින් දැක ගත හැකිය. ඔවුන් (සියල්ලන්ටම) ඔවුන්ගේ (පාප) ක්‍රියාවන් ෂෙයිතාන් අලංකාරවත් කර පෙන්වා, ඍජු මාර්ගයෙහි නොගොස් ඔවුන්ව වළක්වා ගත්තේය. ඔවුන් හොඳ බුද්ධිමතුන් වශයෙන් සිටියා වුවද, (ෂෙයිතාන්ගේ කුමන්ත්‍රණයෙහි පැටළී මෙම ඉරණමට ගොදුරු වූහ)
- කාරූන්වද, ෆිර්අව්න්වද, හාමාන්වද (අපි මේ අන්දමටම විනාශ කර දැමුවෙමු). නියත වශයෙන්ම මූසා මොවුන් වෙත පැහැදිලි සාධකයන්ම ගෙනැවිත් සිටියේය. එහෙත් මොවුන් (ඔවුන්ව ප්‍රතික්ෂේප කර දමා) භූමියෙහි උඞඟූ වී කටයුතු කළ බැවින් (අපගේ දඬුවමට ගොදුරු වූහ. එයින්) ඔවුන්ට බේරීමට නොහැකි විය
- (ඔවුන්) සෑම කෙනෙකුවම ඔවුනොවුන්ගේ පාපයන්හි හේතුවෙන්ම අපි (විවිධ ආකාරයට) අල්ලා ගත්තෙමු. ඔවුන්ගෙන් (ආද් ජනතාව මෙන්) සමහරෙකු මත අපි ගල් වර්ෂාව වසින්නට සැලැස්සුවෙමු. ඔවුන්ගෙන් (සමූද් ජනතාව මෙන්) සමහරෙකුව හෙණ හඞ අල්ලා ගත්තේය. ඔවුන්ගෙන් (කාරූන් වැනි) සමහරෙකුව අපි භූමියෙහි ගිල ගැනීමට සැලැස්සුවෙමු. ඔවුන්ගෙන් (ෆිර්අව්න්, හාමාන් වැනි) සමහරෙකුව (මුහුදෙහි) ගිල්වා දැමුවෙමු. අල්ලාහ් ඔවුන්ට හානියක් කළේ නැත. එහෙත් ඔවුන් (සියල්ලන්ම) තමන්ට තමන්ම අපරාධ කර ගත්හ
- අල්ලාහ් හැර (අන් දැය තමන්ට) ආරක්ෂකයින් වශයෙන් ඇර ගත් අයගේ උදාහරණය නම්, මකුළු සේනාව (ආරාක්ෂා සහිත මකුළු දැල තමන්ගේ) නිවස වශයෙන් (ඇර ගන්නා) මකුළුවාට සම වන්නේය. නමුත් නිවාසයන් සියල්ලෙන් ඉතාමත් ඛෙලහීන එක මකුළුවාගේ නිවාසයයි. (මකුළුවාගේ නිවස මොවුන්ව කෙසේ ආරක්ෂා කිරීමට නොහැක්කේද, එසේම මොවුන් තමන්ට ආරක්ෂකයින් වශයෙන් ගත් දෙවිවරුන්ද මොවුන්ව ආරක්ෂා කර ගත නොහැක. මෙය) ඔවුන් දැන ගත යුතු නොවේද
- අල්ලාහ් හැර, ඔවුන් කුමක් (දෙවියන් යයි) ආරාධනා කරන්නෝද, එය නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නේය. (ඔවුන්ට කිසිම ශක්තියක්ද නැත. දැනුමක්ද නැත). ඔහුම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය
- මිනිසුන් වෙනුවෙන්ම මෙම උදාහරණයන් අපි පවසන්නෙමු. (සිතා දැන ගත යුතු) ඥානවන්තයින් මිස, (වෙන කිසිවෙකුත්) මෙය වටහා ගන්නේ නැත
- අහස්ද භූමියද උත්පාදකයා ඇත්තෙන්ම අල්ලාහ්ය. (වෙන කිසිවෙකුත් නොව). විශ්වාසය තැබූවන්ට නියත වශයෙන්ම මෙහිද එක් සාධකයක් ඇත්තේය
- (නබියේ!) වහී මගින් ඔබට දැනුම් දෙන ලද (මෙම) ධර්මය ඔබ සමුදීරණය කර, සලාතය නොකඩවා ඉටු කරමින් සිටිනු. මන්දයත් නියත වශයෙන්ම සලාතය අවමන් ගෙන දෙන කාරණාවන්ගෙන්ද, පාපයන්ගෙන්ද, (මිනිසාව) ඈත් කරන්නේය. අල්ලාහ්ව (අමතක නොකර) මතකයේ තබා (ඔහුට දික්ර් කර) සිටීම, නියත වශයෙන්ම ඉමහත්ය. තවද ඔබ කරන දැය අල්ලාහ් හොඳින් දන්නේය
- (විශ්වාසවන්තයිනි!) ධර්මය හිමි අය සමග (තර්ක කිරීමට සිදු වුවහොත්) අලංකාරවත් අන්දමට මිස, (ඔවුන් සමග) තර්ක නොකරනු. එහෙත් ඔවුන්ගෙන් කවුරුන් හෝ සීමාව ඉක්මවා ගියහොත් (එයට සරිලන අන්දමට ඔබ පිළිතුරු දීම, ඔබ කෙරෙහි වරදක් වන්නේ නැත. ඔවුන් සමග තර්ක කළහොත්) “අපට පහළ කරන ලද (ධර්මය)ද ඔබට පහළ කරන ලද (ධර්මය)ද අපි විශ්වාස කරන්නෙමු. අපගේ දෙවියන්ද, ඔබගේ දෙවියන්ද එක් කෙනෙකි. අපි ඔහුටම සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන්නෙමු” යයි පවසනු මැනව
- (නබියේ! ඔවුන්ට ධර්මය පහළ කළ) ඒ අන්දමටම අපි ඔබට (මෙම) ධර්මය පහළ කර ඇත්තෙමු. එබැවින් අපි කවුරුන් හට (පෙර) ධර්මය ලබා දී ඇත්තෙමුද, ඔවුන්(ගෙන් වූ සත්‍යවන්තයින්) මෙයද (මෙම ධර්මයද අනිවාර්යයෙන්) විශ්වාස කරන්නාහ. තවද (අරාබිවරුන් වන) මොවුන්ගෙන් (සාධාරණ බුද්ධියෙන් යුතු) සමහරුන්ද මෙය විශ්වාස කරන්නාහ. (සිතට නොඑකඟව ප්‍රතික්ෂේප කරන) කාෆිර්වරුන් හැර, (අන් කිසිවෙකුත්) අපගේ ආයාවන් ප්‍රතික්ෂේප නොකරන්නාහ
- (නබියේ!) ඔබ මීට පෙර කිසිම ධර්මයක් සමුදීරණය කළ කෙනෙකු නොව. ඔබගේ දකුණතින් ඔබ එය ලියා (පුරුදු පුහුණු වූ) කෙනෙකුද නොව. එසේ වූවේ නම්, මෙම බොරුකාරයින් (මෙය ඔබ විසින් තමන්ම මනක්කල්පිත කර ගත්තා මිස, දෙවියන් විසින් පහළ කළ දැයක් නොව යයි) සැක සිතිය හැකිය
- එසේ නොව! අධ්‍යාපන ඥානය දෙනු ලැබූ අයගේ හෘදයන්හි (පතිත විය හැකි) පැහැදිලි ආයාවන් වශයෙන් මෙය ඇත්තේය. එබැවින් අපරාධකාරයින් මිස, (අන් කිසිවෙකුත්) අපගේ ආයාවන් ප්‍රතික්ෂේප නොකරන්නාහ
- තවද (අපි කැමති වන අන්දමට) සමහර සාධකයන් ඔහුගේ දෙවියන් විසින් ඔහුට ලබා දිය යුතු නොවේද?”යි මොවුන් පවසන්නාහ. එයට (නබියේ!) ඔබ මෙසේ පවසනු: “සාධකයන් සියල්ල අල්ලාහ්ගේ සන්නිධානයෙහිම ඇත්තේය. (මා වෙත නැත). මා ප්‍රසිද්ධියේ බිය ගන්වා අනතුරු අඟවන්නෙකුය
- (නබියේ!) ඔවුන්ට සමුදීරණය කර පෙන්වනු ලබන (මෙම) ධර්මය අපිම ඔබ වෙත පහළ කර ඇත්තෙමු යන්න (මෙයම) ඔවුන්ට ප්‍රමාණවත් (සාධකයක් වශයෙන් තිඛෙනවා) නොවෙද? (මන්දයත්) නියත වශයෙන්ම මෙහි (දෙවියන්ගේ) වරප්‍රසාදයද, විශ්වාසය තැබූ ජනතාවට එක් මතක් කිරීමක්ද ඇත්තේය
- (නබියේ!) ඔබ මෙසේ පවසනු: “මටත් ඔබටත් අතරේ අල්ලාහ්ම ප්‍රමාණවත් සාක්ෂියක් වශයෙන් සිටින්නේය. (මන්දයත්) ඔහුම අහස් හා භූමියෙහි ඇති සියල්ල හොඳින් දන්නේය. එබැවින් කවුරුන් බොරුව විශ්වාස කර, අල්ලාහ්ව ප්‍රතික්ෂේප කර දමන්නෝද එවැන්නන් සම්පූර්ණයෙන්ම පරාජිතයින්ය”
- (විනිශ්චය දින) දඬුවම ගැන (‘එය කවදා එන්නේද?’යි) ඔවුන් ඔබ වෙත ඉක්මන් වන්නාහ. එයට නියමිත කාල අවකාශයක් නොතිබුණේ නම්, (මේ වන විටත්) එම දඬුවම ඔවුන් වෙත පැමිණ සේන්දු වී ඇත. නමුත් එම වාරය නියත වශයෙන්ම ඔවුන් නොදැනුවත්ව සිටියදී හදිසියේම ඔවුන් වෙත (එය) අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය
- ඔවුන් දඬුවම ගැන ඉක්මන් වන්නාහ. නමුත් ප්‍රතික්ෂේප කරන්නන්ව නියත වශයෙන්ම නිරය (දැනටමත්) වටකරගෙන ඇත්තේය
- ඔවුන්ට (ඔවුන්ගේ හිසට) උඩින්ද, ඔවුන්ගේ පාදයන්ට යටින්ද, දඬුවම ඔවුන්ව වසා ගන්නා දිනදී (ඔවුන්ට) “ඔබ කරමින් සිටි දැය (නපුරේ ඵලවිපාක) ඔබ විඳ බලනු” යයි (දෙවියන්) පවසනු ඇත
- විශ්වාසය තැබූ මගේ වහලූනි! නියත වශයෙන්ම මගේ භූමිය (ඉතාමත්) විශාලය. (එහි) ඔබ (කොහේ ගියා වුවද), මාවම නමදිනු
- සෑම ආත්මයක්ම අනිවාර්යයෙන්ම මරණය අත් කර ගන්නේය. පසුව ඔබ (විනිශ්චය සඳහා) අප වෙතම ගෙන එනු ලබන්නෙහුය
- කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට ජල දහරා සදාකල් ගලමින් ඇති ස්වර්ගයන්හි පිහිටා ඇති උඩු මහලයන්හි නියත වශයෙන්ම අපි වාඩි කරවන්නෙමු. එහි ඔවුන් සදාකල් රැඳී සිටිනු ඇත. (පින් ඇති) ක්‍රියාවන් කරන්නන්ගේ ඵලවිපාකද ඉතාමත් අගනේය
- මොවුන් (තමන්ට ඇති වූ දුක් කරදර) ඉවසිලිමත්ව විඳ දරාගෙන, තමන්ගේ දෙවියන්ටම විශ්වාසය තබා සිටින්නාහ
- තමන්ගේ ආහාරය උසුලාගෙන නොයන කොපමණදෝ සතුන් සිටින්නේය. ඒවාටත් ඔබටත් අල්ලාහ්ම ආහාර සපයන්නේය. (මෙසේ තිබියදී ඒ වෙනුවෙන් ඔබ කුමක් නිසා අධික වශයෙන් දුක් විය යුතුද?) ඔහු නම්, (සියල්ල) සවන් දෙන්නෙකු වශයෙන්ද හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය
- (නබියේ! ඔබ ඔවුන්ට) ‘අහස්ද, භූමියද උත්පාදනය කර, සූර්යයාද චන්ද්‍රයාද (තමන්ගේ සැලැස්මට අනුව ගමන් කරන මෙන්) යටහත් කර තැබුවේ කවුද?”යි ඔබ ඔවුන්ගෙන් විමසන්නේ නම්, “අල්ලාහ්” යයි ඔවුන් නියත වශයෙන්ම පවසනු ඇත. එසේ නම්, ඔවුන් (අපගෙන් ඈත් වී) කොහේ නම් දුවන්නෙහුද
- අල්ලාහ් තමන්ගේ වහලූන්ගෙන් තමන් අදහස් කරන අයට (ජීවන උපායට අවශ්‍ය) වස්තුවද විස්තීරණ කර ලබා දෙන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය
- (නබියේ! ඔබ ඔවුන්ට) “වලාකුළෙන් වැස්ස වැසීමට සලස්වා එමගින් මැරී ගිය භූමිය පණ ගන්වන්නේ කවරෙක්ද?”යි ඔබ ඔවුන්ගෙන් විමසන්නේ නම්, “අල්ලාහ්” යයි ඔවුන් නියත වශයෙන්ම පවසනු ඇත. එයට ඔබ ‘ප්‍රශංසා සියල්ල අල්ලාහ්ටම අයත්ය’ යයි පවසනු මැනව! එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත
- මෙලොව ජීවිතය පුහු සෙල්ලම හා විනෝදයත් මිස, වෙන කිසිවක් නැත. පරලොව නිවස නියත වශයෙන්ම ස්ථීර වාසස්ථානයක් වන්නේය (යන්න) ඔවුන් දැන සිටියේ නම්, (වැරදි කරන්නට ඉදිරිපත් නොවන්නාහ)
- (මිනිසුන්) නැවට නැග (විපතෙහි පැටළී) ගියහොත් ඔවුන් සම්පූර්ණයෙන්ම අල්ලාහ්ට අවනත වී පරිශුද්ධ වූ මනසින් ඔහුව ආරාධනා (කර ප්‍රාර්ථනා) කරන්නාහ. ඔහු ඔවුන්ව වෙරළට (ගෙන ගොස්) බේරා ගත් පසු ඔහුටම ඔවුන් (බොහොමයක් දෙනාව) සමානයන් බවට පත් කරන්නාහ
- අපි ඔවුන්ට පහළ කළ දැය ඔවුන් ප්‍රතික්ෂේප කරමින්ම සිටිනු ඇත. (තමන්ගේ කැමැත්තට අනුව) ඔවුන් සුවය විඳිමින්ම සිටිනු ඇත. (තමන්ගේ නපුරේ ඵලවිපාක) ඉතා ඉක්මනින් ඔවුන් දැන ගනු ඇත
- වටේ සිටින ජනයා පැහැරගෙන (ඔසවා) ගෙනයනු ලබන තත්වයකදී (මෙම මක්කාව) ආරක්ෂා සහිත ශුද්ධ භූමියක් බවට අපි පත් කර ඇති බව ඔවුන් දුටුවේ නැද්ද? මොවුන් බොරු (දෙවිවරුන්ව) විශ්වාස කර, අල්ලාහ්ගේ (මෙම) වරප්‍රසාදයන් ප්‍රතික්ෂේප කරන්නෙහුද
- අල්ලාහ් මත මනක්කල්පිතව බොරු ගොතා පවසන්නන්ට වඩා අපරාධකරුවා කවරෙක්ද? (මෙවැනි) ප්‍රතික්ෂේප කරන්නන්ගේ රැඳී සිටින ස්ථානය නිරයෙහි නොවෙද ඇත්තේ
- කවුරුන් අපගේ මාර්ගයෙහි (යාමට) උත්සාහ දරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අපි අපගේ (ඍජු) මාර්ගයෙහි ඇතුළු කරන්නෙමු. පින් කරන අය සමග අල්ලාහ් සිටින්නේය